භූ විද්‍යාත්මක තොරතුරු බිහි කිරීමේ සහ බෙදාහැරීමේ ද ශ්‍රී ලංකාවේ ඛනිජ සම්පත් සඳහා ඉතාම තිරසාර අකාරයෙන් පතල් කැණීම් සහ පිරි සැකසුම් පාලනය කිරීමේ ද ප්‍රමුඛ ජාතික භූ විද්‍යා ආයතනය බවට පත් වීම.
භූ විද්‍යාත්මක තොරතුරු, උපදෙස් සහ සේවා ප්‍රතිපත්ති සම්පාදකයන් ට සහ ප්‍රජාවට සැපයීම ත් පාරිසරික තිරසාරත්වය සහතික කෙරෙමින් රටේ පවතින ඛනිජ සම්පත් ආර්ථික සංවර්ධනය සඳහා ප්‍රවර්ධනය කිරීම සහ කළමනාකරණය කිරීමත් භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශයේ මෙහෙවර වේ. මෙම ආයතනය ඛනිජ සම්පත් ගවේෂණය නිස්සරණ අගය වැඩි කිරීම, ප්‍රවාහනය සහ වෙළඳාම යන මේ කටයුතු ද පාලනය කරයි.
භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශයේ කාර්ය මෙසේ ය.
•
ශ්‍රී ලංකාවේ විධිමත් භූ විද්‍යාත්මක සිතියම්කරණය ආරම්භ කොට භූ විද්‍යා සිතියම පිළියෙළ කිරීම.
•
ශ්‍රී ලංකාවේ ඛනිජ සම්පත් හඳුනා ගැනීම සහ තක්සේරු කිරීම.
•
ඛනිජ සම්පත් පිරිසැකසුම් කිරීම සහ අපනයනය සඳහා පතල් කැණීමේ වාණිජමය ක්‍රියාකාරිත්වය ඇගැයීම.
•
ඛනිජ සම්පත් ගවේෂණය, පතල් කැණීම , එම සම්පත් පිරිසැකසුම් කිරීම, වෙළඳාම යන මේ කටයුතු, බලපත්‍ර නිකුත් කිරීම මඟින් පාලනය කිරීම.
•
භූ විද්‍යාත්මක විමර්ශන, භූ කම්පන ක්‍රියා සමීක්ෂණය, භූ විද්‍යාත්මක පර්යේෂණ කර ගෙන යාම සහ භූ විද්‍යාත්මක උපදේශ සේවා සැපයීම.
•
වාණිජ පදනමක් මත ඛනිජ සම්පත් නිස්සරණය සහ නිෂ්පාදනය සම්බන්ධයෙන් ගත යුතු පියවරවල් ගැන අමාත්‍යවරයා ට උපදේස් දීම.