Geological Survey and Mines Bureau

You are here : Home News Latest News හරිත වැලි තොටුපොළ සංකල්පය පඟරගම්මන මහවැලි ගඟ අසබඩ දී ආරම්භ කෙරේ

හරිත වැලි තොටුපොළ සංකල්පය පඟරගම්මන මහවැලි ගඟ අසබඩ දී ආරම්භ කෙරේ

මෙතැන් සිට ශ්‍රී ලංකාවේ වැලි කැණීම් සිදුකරන සියලුම වැලි තොටුපොළවල් හරිත වැලි තොටුපොළ සංකල්පයට යටත් විය යුතු බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති අසේල ඉද්දවෙල මහතා පැවසීය.

පරිසර දිනයට සමගාමීව බදුල්ල භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය මගින් මහියංගනයේ මහවැලි සී කලාපයේ පඟරගම්මන ප්‍රදේශයේ පැවැති (2018.06.05) හරිත වැලි තොටුපොළ සංකල්පය ආරම්භ කරමින් සභාපතිවරයා මේ බව සදහන් කළේය.

2018.06.05 දින උදෑසන 10.00ට පමණ ආගමික වතාවත්වලින් අනතුරුව පගරගම්මන මහවැලි ගං ඉස්මත්තේ විශේෂ පරිසර ක්‍රියාකාරකම් රැසක් ක්‍රියාත්මක වූ අතර එහිදී හරිත වැලි සංකල්පය ශ්‍රී ලංකාවට හඳුන්වා දුන්නේය. එහිදී හරිත තොටුපොළ සංකල්පය පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් බදුල්ල භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ ප්‍රාදේශීය කැණීම් ඉංජිනේරු අසංක රූපවංශ මහතා කියා සිටියේ කලක් දැඩි ලෙස පරිසරය විශාල ලෙස හානියට ලක්වන බව පැවසූ මහිංගණ ප්‍රදේශයේ කරන ලද සොයාබැලීම් වලින් අනතුරුව මේ ප්‍රදේශයේ සෑම වැලි තොටුපොළක් පාහේම හරිත තොටු‍පොළ සංකල්පය අනුව දැනටමත් ගොඩනගා ඇති බවත්, සභාපතිවරයාගේ උපදෙස් හා මග පෙන්වීම යටතේ ඉදිරියේදී ශ්‍රී ලංකාවේ සෑම වැලි තොටුපොළක්ම එම සංකල්පය යටතේ ක්‍රියාත්මක කිරීමට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පියවර ගන්නා බවයි.

එහිදී වැඩිදුටත් ඉංජිනේරුවරයා කියා සිටියේ ‘හරිත වැලි තොටුපොළ සංකල්පය යටතේ ගංගාවත්, ගං ඉවුරත් අවට පරිසරයත් සුරක්ෂිත වෙනවා. මේ ක්‍රමය යටතේදී ගංගාවේදී සිට ගං ඉවුරේ අඩි 10 පමණ ප්‍රදේශ‍යක් හරිත කලාපය ලෙස නම් කරනවා. එය වන‍රෝපණයකින් යුක්තයි. ඒ හරහා වැලි තොටුපොළට ගමන් කරන්න අඩි 03ක පාරක් ඉතුරු කරනවා. මේ ක්‍රමය නිසා ගංගාවට ට්‍රැක්ටර් බස්සවන්න බෑ. වැලි ගොඩදැමීම සිදුවන්නේ නිසි ප්‍රමිතියකට අනුවයි. එහිදි කූඩ ‍යොදා ගෙන අඩි 10 සීමාව ඉක්මවන තෙක් වැලි රැගෙන ආ යුතුයි. ඉන්පසු විල්බැරෝවක් ආදාරයෙන් වැලි පටවන තැනට රැගෙන ආ යුතුයි. වැලි ගොඩදැමීම සඳහා යොදා ගන්නා බෝට්ටු, එන්ජින් රහිත බෝට්ටු විය යුතුයි. අද සිට සභාපතිතුමාගේ  උපදෙස් මත මෙම හරිත වැලිතොටුපොළ සංකල්පය හඳුන්වා දෙන අතර ඉදිරියේදී හරිත වැලි තොටුපොළ සංකල්පය ක්‍රියාත්මක නොකරන අයට වැලි බලපත්‍ර නිකුත් කිරීම සිදුකරන්නේ නෑ. එසේ නොකරන අයගේ බලපත්‍ර අහෝසි කිරීමද සිදු වෙනවා.”

මෙම උත්සවයට මහවැලි පරිසර අමාත්‍යාංශයේ නිලධාරීන්, පොලිසිය, රාජ්‍ය සේවකයින්, මාධ්‍යවේදීන්, වැලි මංකඩ නියෝජිතයන්, පරිසරවේදීන්, පරිසර සංගම්,බදුල්ල භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ ප්‍රාදේශීය කාර්යාලයේ නිලධාරීන් භූ විද්‍යා සමික්ෂණ හා පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය  සී.එච්.ඊ.ආර්. සිරිවර්ධන මහතා ‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්ෂක (කැණීම්)  ඉංජිනේරු සජ්ජන ද සිල්වා මහතා ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂක භූ විද්‍යඥ උදය ද සිල්වා මහතා, සාමාන්‍යාධිකාරී එම්.ජයමාන්න මහතා සහ ලේඛකාධිකාරී හේමා ලියනාරච්චි මහත්මිය ඇතුළු පිරිසක් සහභාගි විය.

චන්දන කාරියවසම් (මාධ්‍ය කළමනාකාර)

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය

 

 

 

 

 

 

Main Menu