Geological Survey and Mines Bureau

ඔබ මෙතනයි : මුල් පිටුව පුවත් නැවුම් පුවත් හරිත වැලි තොටුපල නිර්මාණ තරඟය

හරිත වැලි තොටුපල නිර්මාණ තරඟය

 

මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ සහ මධ්‍යම පරිසර අධිකාරියේ  පූර්ණ අධීක්ෂණය යටතේ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය මඟින් පාරිසරික සුරක්ෂිතභාවයෙන් යුතු හරිත වැලි තොටුපලක් නිර්මාණය කිරීම හා ශ්‍රී ලංකාවේ ගංඟා වැලි කැණීම් ආශ්‍රිත කර්මාන්තයේ නියැලුණු සියළු බලපත්‍රලාභීන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන වැඩසටහනකි.

ශ්‍රී ලංකාවේ පාරිසරික ගැටළු අතුරින් බොහෝ දෙනාගේ කතාබහට ලක්ව ඇති අවිධිමත් වැලි කැණීම් හේතුවෙන් ගංඟා, ඇළ දොළ ඉවුරු ඛාදනයෙන් ස්වභාවික පරිසරයට හානි සිදුවීම හා ගං ඉවුරු අස්ථාවර වීම තුළින් මතු වූ සමාජ, ආර්ථික පාරිසරික ප්‍රශ්න හමුවේ ගංඟා වැලි ආශ්‍රිත කර්මාන්තය පවත්වාගෙන යාම පිළිබඳ අර්බුදයකට මුහුණ දී ඇත. මෙකී අර්බුදයට පිළියමක් ලෙස මෙන්ම අනාගත සුරක්ෂිතතාවය සඳහා කළ හැකි ප්‍රතිකර්මය අවිධිමත් වූ පරිසරය යළි ප්‍රතිනිර්මාණය කිරීමයි. එහි ප්‍රතිඵලයක් ලෙස මේ දක්වා පැවති ඉවුරු කැඩී විනාශ වී ගිය වැලි තොටුපලක් වෙනුවට තුරු වියන් සහ තණ පලසකින් යුතු හරිත තොටුපලක් නිර්මාණය කිරීමයි.


වැඩි විස්තර :

  • හරිත වැලි තොටුපල නිර්මාණ තරඟය- තරඟ කොන්දේසි
  • හරිත වැලි තොටුපලක් නිර්මාණය කිරීමට අදාළ උපදෙස් පත්‍රිකාව
  •  

    ප්‍රධාන මෙනුව