Geological Survey and Mines Bureau

You are here : Home News Latest News “මිහි රඳ මෙත් පූජා” අනුරාධපුර ස්වර්ණමාලී මහ සෑ රඳුන් අභියස පැවැත්වූ ප්‍රත්‍යූපකාර පිංකම් මාලාව

“මිහි රඳ මෙත් පූජා” අනුරාධපුර ස්වර්ණමාලී මහ සෑ රඳුන් අභියස පැවැත්වූ ප්‍රත්‍යූපකාර පිංකම් මාලාව

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් වාර්ෂිකව පවත්වනු ලබන ප්‍රත්‍යූපකාර පිංකම් මාලාව මෙවර අනුරාධපුර ස්වර්ණමාලී චෛත්‍ය රාජයාණාන් වහන්සේ අභියසදී 2019 ජූලි 12 සහ 13 දෙදින තුළ පසුගියදා සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් විපතට පත් වූ ජනතාවට සෙත්පැතීම හා නැවත එවැනි විපතක් ලක්මාතාව හට ඇති නොවේවායි යන ප්‍රාර්ථනය පෙරදැරිව සමස්ත මහජනතාවට සෙත්පැතීම අරමුණ කර ගනිමින් එමගින් විපතට පත් වූවන්ගේ සහ අනෙකුත් රටවැසියන්ගේ අවිනිශ්චිත හා නොසන්සුන් බව දුරලා මානසික සහනය උදා වී රට තුළ සාමය, සමඟිය, සහජීවනය ගොඩ නැ‍ඟෙන පරිසරයක් බිහි කර ගැනීම සඳහා මෙන් ම ප්‍රහාරය හේතුවෙන් දිවි අහිමි වූ පුද්ගලයින්ට පිං ප්‍රාර්ථනා  කිරීම හා  තුවාල ලැබූවන් හට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කිරීමේ අරමුණ පෙරදැරිව සාර්ථකව සිදු කරන ලද අතර, ඉහත දින දෙක තුල පහත පින්කම් මාලාවන් සිදුකරන ලදී.


2019.07.12 දින

  1. ස්වර්ණමාලී සෑ රඳුන්ගේ පේශා‍ වළලු වටා කප්රුක් දෙකක් (02) පූජා කිරීම හා පරිවාර චෛත්‍යන් සඳහා කප්රුක් 04 ක් පූජා කිරීම.
  2. ස්වාර්ණමාලී සෑ රඳුන් වෙත අෂ්ඨ පාන සහිත ගිලන් පස පූජා කිරීම.
  3. ස්වාමීන් වහන්සේලා 35 නමකට සවස ගිලන් පස පූජා කිරීම.
  4. ස්වර්ණමාලී සෑ රඳුන් අභියස වැලි මලුවේ මලින් සරසන ලද අලංකාර පිරිත් මණ්ඩපයක සර්ව රාත්‍රික පිරිත් සජ්ජානාවක් සිදුකිරීම‍.

2019.07.13 දින

  1. ස්වර්ණමාලී සෑ රඳුන් සඳහා හීල් දානය පූජා කිරීම.
  2. ස්වාමීන් වහන්සේලා 35 නමකට හීල් දානය පූජා කිරීම.
  3. ස්වාමීන් වහන්සේලා 150 නමකට ශ්‍රී සාරානන්ද පිරිවෙනේදී දවල් දානය පූජා කිරීම.
  4. මෙහෙනින් වහන්සේලා 150 නමකට ශ්‍රී සාරානන්ද පිරිවෙනේදී දවල් දානය පූජා කිරීම.
  5. අඩි 03ක් දිග අඩියක් පළල අලංකාර මල් බඳුන් 300ක් සකසා ස්වර්ණමාලී මහ සෑ රඳුන්ගේ පේශා වළලු වටා තැන්පත් කර පූජා කිරීම.

10.  පරිවාර චෛත්‍යයන් සඳහා අඩි 02 ක් දිග අලංකාර මල් බඳුන් 80 ක් සකසා පූජා කිරීම.

11.  යාර 5, 000 දිග පිච්ච මලින් සැකසූ මල් මාලාවන් ස්වර්ණමාලී මහ සෑ රඳුන් වටා හා පරිවාර චෛත්‍යන් වටා පළඳවා පූජා කිරීම.

12.  ස්වර්ණමාලී මහ සෑ රඳුන් වෙත ගුවනින් පුෂ්ප උපහාර දැක්වීම.

13.  සැදැහැවතුන් 100,000 කගේ පමණ සහභාගීත්වයෙන් ප.ව. 3.00 සිට ප.ව.9.00 දක්වා මහරහතුන් වැඩි මඟ ඔස්සේ ධර්මය දේශණා කරනු ලබන පූජ්‍ය රාජගිරියේ අරියඥාණ ස්වාමීන් වහන්සේ විසින් පවත්වන ලබන ධර්ම දේශනාව පැවැත්වීම.

14.   2019 ජුලි 16 වන ඇසල පොහොය දින සිරස රූපවාහිණී නාලිකාවේ, සිරස ගුවන් විදුලියේ හා මුහුණු පොතෙහි (Face Book) මහරහතුන් වැඩිමඟ ඔස්සේ ප.ව.1.30 සිට ප.ව.7.00 දක්වා දෙස් විදෙස් සැදැහැවතුන් මිලියනයකට අධික ප්‍රමාණයකට නැරඹීමට හා ශ්‍රවණය කිරීම සඳහා විකාශණය වීමට සැලැස්වීම.

15.  ස්වාමීන් වහන්සේලා සහ මෙහෙණින් වහන්සේලා 200 කට අධික ප්‍රමාණයක් ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමට සහභාගී වීම හා සහභාගී වූ ස්වාමීන් වහන්සේලා සහ මෙහෙණින් වහන්සේලා හට ධර්ම ග්‍රන්ථ පූජා කිරීම සිදුකිරීම‍ හා පිරිකර පූජා කිරීමේ කටයුතු සිදුකිරීම.


මේ ඝෝර කටුක භයානක සංසාරයේ බියදැක, මේ ආත්මභාවයේදීම  සසරේ දුකින් එතෙර වීමට අධිෂ්ඨානය කරමින් වීර්ය වඩමින් නිවන්  මග පුරණ "දක්ෂ" ගිහි පැවදි උතුමන්ට මේ අහිංසක ව්‍යායාමය උපකාරයක්ම  වේවා, ශක්තියක්ම වේවා, මාර්ගයක්ම වේවා.!

(මහා රහතුන් වැඩි මග ඔස්සේ)

 

Main Menu