Geological Survey and Mines Bureau

ඔබ මෙතනයි : මුල් පිටුව පුවත් නැවුම් පුවත් කහටගහ හා බෝගල පතල්වලින් පසු විශාලතම මිනිරන් පතලේ කැණීම් කරස්නාගල දී ඇරඹේ.

කහටගහ හා බෝගල පතල්වලින් පසු විශාලතම මිනිරන් පතලේ කැණීම් කරස්නාගල දී ඇරඹේ.

වසර 25කට පසු මෙරට මිනිරන් කැණීම ක්‍ෂේත‍්‍රයේ නව ආරම්භයක් සටහන් කරමින් විදේශ ආයෝජන සහිතව කරස්නාගල ප‍්‍රදේශයේ දී කහටගහ හා බෝගල පතල්වලින් පසු විශාලතම මිනිරන් පතලේ කැණීම් පසුගියදා නිල වශයෙන් ආරම්භ කෙරුණි.

කෑගල්ල දිස්ත‍්‍රික්කයේ ගලිගමුව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මිනින්දෝරු දෙපාර්තමේන්තුවෙන් නිර්දේශිත භූරූප ගත සිතියම් අංක 60 අත්තනගල්ල IML/A/HO/132/9 බලපත‍්‍ර අංක දරණ ඌරාපොල කරස්නාගල මිනිරන් පතල එක්දහස් නවසිය හතළිස් ගණන්වල දෙවන ලෝක යුද්ධය අවසාන වූ පසු බලපත‍්‍ර ලබාදුන් තෙවන මිනිරන් පතල වේ. දෙවන ලෝක යුද සමයේ දී මිනිරන්වලට තිබූ අධික විදේශීය ඉල්ලූම නිසා එසමයේ දී මෙම පතලින් මිනිරන් ලබාගෙන ඇති අතර එහි කැණීම් කටයුතු තාක්ෂණික භාවිතයෙන් තොරව මිනිස් ශ‍්‍රමය යොදා ගනිමින් සිදුකර ඇත. පසුකාලීනව පතල තුළට ජලය එක් රැුස්වීම, මිනිසුන්ට එ් තුළ කැණීම් සිදුකිරීම සඳහා ප‍්‍රමාණවත් වාතාශ‍්‍රයක් නොමැති වීම සහ තාක්ෂණික මෙවලම්වල දැනුම අල්ප වීම වැනි හේතු මත කැණීම් කටයුතු අත්හැර තිබිණි. දෙවන ලෝක යුද්ධයෙන් පසු වරකාපොළ පන්දෙණිය සහ අළුකැටිය මීගහතැන්න මිනිරන් පතල් සඳහා බලපත‍්‍ර නිකුත් කර ඇති අතර තෙවන මිනිරන් පතල ලෙස බලපත‍්‍ර ලබන්නේ එසමයෙහි ‘ගල් පතල’ නමින් හැඳින් වූ මෙම කරස්නාගල මිනිරන් පතලයි. මේ වන විට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් අවශ්‍ය පාරිසරික ඇගැයීම් හා තාක්ෂණික ඇගැයීම් සමීක්ෂණ සිදුකර අඩි 200 පමණ පහළට කැණීම් සඳහා අවශ්‍ය පරිසරය ගොඩනගමින් පවතී.

2015 වර්ෂයේදී මෙහි බලපත‍්‍රලාභියා වන සාර්කෝන් ඩිවලප්මන්ට් පුද්ගලික සමාගම විසින් කරස්නාගල මිනිරන් ව්‍යාපෘතියේ මූලික කටයුතු ආරම්භ කර ඇති අතර අත්තනගල්ල, ඌරාපොළ, පස්යාල ආදී පෙර මිනිරන් කර්මාන්තය පැවතුණු ප‍්‍රදේශ තෝරා ගනිමින් වර්ග කිලෝමීටර් 27 පමණ භූමි ප‍්‍රමාණයක මෙම ඛනිජ ගවේෂණයන් සිදුකරන ලදී. එහිදී මූලික වශයෙන් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයෙන් ඔවුන් මේ සඳහා ඉල්ලීමක් කර යෝජනාවලියක් ඉදිරිපත් කර ඇති අතර  එම කාර්යාංශය විසින් සමීක්ෂණයන් සිදුකර පෙර දී කැණීම් සිදුකළ වළවල් හඳුනා ගන්නා ලදී. එහිදී ප‍්‍රදේශ තුනක විශාල වශයෙන් මිනිරන් කැණීම් සිදුකර ඇති බව හඳුනා ගත් අතර පසුව එම ස්ථාන සවිස්තරාත්මකව සිතියම් ගත කර ඇත. එම ප‍්‍රදේශවල භූ භෞතික විද්‍යා සමීක්ෂණ මගින් මිනිරන් කැණීම් සඳහා යෝග්‍යතම ප‍්‍රදේශය ලෙස කරස්නාගල මෙම භූමිය හඳුනා ගෙන ඇත. අනතුරුව එහි භූ විදුම් කටයුතු කර එ් සඳහා යෝග්‍යතාවය පරීක්ෂා කරමින් විදුම් වළවල් 23ක පමණ අභ්‍යන්තරයට කැණීම් සිදුකර ඇති අතර ඉන් වළවල් 10ක පමණ මිනිරන් සොයා ගැනීමට හැකි විය. එහිදී 1/2 පමණ ඝනකම ඇති මිනිරන් ධමනි සොයාගත් අතර එ්වා නියධි වශයෙන් ගෙන භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ විද්‍යාගාරයෙන් විශ්ලේෂණය කිරීමේ දී එ්වායේ කාබන් ප‍්‍රතිශතය 97.5%ක් පමණ වන බවත් එ්වා ආර්ථිකමය වශයෙන් ඉතාමත් ලාභදායී මිනිරන් වර්ග වන බවත් තහවුරු විය. මේ වන විට ගණනය කර ඇති පරිදි මෙම පතල මගින් මිනිරන් ටොන් 53,000ක් පමණ ලබාගත හැකි වන අතර පොළොව අභ්‍යන්තරයේ අක්කර 4ක පමණ වපසරියකින් විහිදී යන ලෙස මෙම කැණීම් කටයුතු සිදුකිරීමට නියමිත වේ.

මෙම සියලූ කටයුතුවලට අදාළ පරිසර ඇගැයීම් වාර්තා ලබාගැනීමෙන් පසු කැණීම් බලපත‍්‍රය වසරක කාලයක් සඳහා නිකුත් කිරීමට කටයුතු කළ බව මෙහිදී අදහස් දැක්වූ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ ෙඡ්්‍යෂ්ඨ අධ්‍යක්ෂ (භූ විද්‍යා* උදය ද සිල්වා මහතා පැවසීය. එහිදී මධ්‍යම පරිසර අධිකාරියෙන්, ජී.එස්.එම්.බී. තාක්ෂණික සේවා පුද්ගලික සමාගමෙන් සහ අදාළ අනෙකුත් ආයතන මගින් මෙම සමීක්ෂණ කටයුතු සිදුකරන අතර එම පරිසර වාර්තාවලදී අදාළ භූමියේ භූගත ජලය, ගස්වැල් වැනි ස්වභාවික සාධක මෙන්ම සමාජ විද්‍යාත්මක සාධක පිළිබඳව ද විශේෂ අවධානයක් යොමු කරනු ලබයි. එ් අනුව ස්වභාවික පරිසරයට කිසිදු හානියක් නොවන ආකාරයෙන් එම කැණීම් කටයුතු කිරීමට අදාළ ආයතන සඳහා උපදෙස් ලබා දී ඇති බවද එ් මහතා පැවසීය. මෙවැනි ව්‍යාපෘතියක් සිදුකිරීමේදී අවට ගම්වාසීන් තුළ එමඟින් ඔවුන්ගේ එදිනෙදා ජීවිතයට තර්ජනයක් ඇති වන බවට අනියත බියක් ඇති වීම සාමාන්‍ය සංසිද්ධියක් වන බැවින් ආරම්භයේ දීම මේ කෙරෙහි ජනතා විරෝධයක් ඇතිවීම වළකා ලීමට ගම්වාසීන් කැඳවා රැුස්වීම් පවත්වා මෙම ව්‍යාපෘතිය පිළිබ`ද ඔවුන් දැනුම්වත් කිරීමටද කටයුතු කර ඇත.

මෙම පතල මගින් කැණීම් කර ලබා ගන්නා මිනිරන් අගය එකතු කිරීමෙන් අනතුරුව රජයට උපරිම ලාභයක් ලැබෙන පරිදි අපනයනය කිරීමට බලාපොරොත්තු වන බව ද උදය ද සිල්වා මහතා මෙහිදී සඳහන් කරන ලදී. මේ සඳහා අවශ්‍ය විදේශීය ආයෝජන කටයුතු  සිලෝන් ග‍්‍රැෆයිට් සමාගම විසින් සපයන අතර මේ වන විටත් ඇමෙරිකානු ඩොලර් මිලියන 03ක් පමණ ආයෝජනය කර ඇති අතර සමස්ථ ව්‍යාපෘතිය සඳහාම ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක් යෙදවීමට නියමිත වෙයි. දැනට ශ‍්‍රී ලංකාවේ ක‍්‍රියාත්මක වන විශාලතම මිනිරන් පතල් කහටගහ සහ බෝගල මිනිරන් පතල් ද්විත්වයේ මිනිරන් සඳහා ලෝක වෙළෙඳපොළ තුළදී විශේෂිත ඉල්ලූමක් පවතින අතර ලිහිසි කාරක වර්ග, බ්‍රේක් පෑඞ් සහ විශේෂයෙන්ම වාහන බැටරි නිෂ්පාදනය සඳහා මේවා යොදා ගනු ලබයි. කහටගහ පතලේ මේ වන විට අඩි 2000ක් පමණ ගැඹුරට මිනිරන් කැණීම් සිදුකර ඇති අතර එම අපනයනික මිනිරන් සඳහා 35%ක අගය එකතු කිරීමක් සිදුකරයි. එ් අනුව  එමඟින් මහා පරිමාණ විදේශීය ආයෝජනයක් අප රටට ලැබීමට නියමිත වේ.

මෙම ව්‍යාපෘතිය මගින් ඛනිජ ක්‍ෂේත‍්‍රය තුළ රැුකියා බොහෝමයක් උත්පාදනය වීමට නියමිත වන අතර කැණීම්කරුවන් හා කැණීම් ක්‍ෂේත‍්‍රයේ වෘත්තිකයන් 150කට මෙහි සෘජු රැුකියා හිමිවනු ඇත. පරිසර හානිය අවම කරමින් තිරසර ලෙස ඛනිජ සම්පත ලබාගෙන එය රටේ ආර්ථකය ශක්තිමත් කිරීම සඳහා යොදාගැනීම සඳහා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය මගින් මෙම ව්‍යාපෘතියට අවශ්‍ය නෛතිකමය පසුබිම ආවරණය කෙරේ.

මෙම මාධ්‍ය හමුව සඳහා සිලෝන් ග‍්‍රැෆයිට් සමාගමේ සභාපති භරත් ප‍්‍රශාර් මහතා, සාර්කොන් ඩිපලප්මන්ට් සමාගමේ සභාපතිවරයා, භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති අසේල ඉද්දවෙල මහතා සහ එහි ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ (භූ විද්‍යා) උදය ද සිල්වා මහතා, ජී.එස්.එම්.බී. තාක්ෂණික සේවා සමාගම නියෝජනය කරමින් අදාළ නිලධාරීන් ද සහභාගී විය.

මෙතැනින් නරඹන්න,

 

ප්‍රධාන මෙනුව