Geological Survey and Mines Bureau

ඔබ මෙතනයි : මුල් පිටුව

බලපත්‍ර හා ක්‍රියාපටිපාටිය

බලපත්‍ර තොරතුරු
1992 අංක 33 දරන පතල් සහ ඛනිජ ද්‍රව්‍ය පනත යටතේ භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කැණීමේ කාර්යාංශය, වාර්ග තුනකට අයත් බලපත්‍ර නිකුත් කරයි. ඒවා නම් ගවේෂණ, කැණීම්, වෙළඳාම් සහ ප්‍රවාහන යන තුන් වර්ගයයි. මෙම බලපත්‍ර පිළිබඳ විස්තර මෙසේ ය.

ගවේෂණ බලපත්‍ර
ගවේෂණ බලපත්‍ර හිමියාට එම බලපත්‍රයෙන් අවසර දී ඇති වර්ගවලට අයත් සියලු ඛනිජ වර්ග ගවේෂණය කිරීමේ පූර්ණ අයිතිය තිබේ.

කැණීමේ බලපත්‍ර
ශිල්පීය කැණීම් බලපත්‍ර(AML)

හෙක්ටෙයාර් දහයකට නොවැඩි ප්‍රදේශයක් තුළ මීටර් 25 කට නොවැඩි ගැඹුරක් දක්වා කැණීම් කොට බල පත්‍රයේ සඳහන් සියලු ඛනිජ වර්ග පිරිසැකසුම් කිරීමට සහ වෙළඳාම් කිරීමට පූර්ණ අයිතිය මෙම බලපත්‍ර හිමියාට ලැබේ.

A වර්ගය - පහත සඳුහන් කොන්දේසි එකක් හෝ වැඩි ගණනක් ඇතුළත් විය යුතුය.

  • මිහිවිදමනේ ගැඹුර මීටර් 1.5 ට අඩු විය යුතුය.
  • එක් මසක නිෂ්පාදන ඝන ප්‍රමාණය ඝ.මී.100 ට නොඅඩු හෝ ඝ.මී.600 ට නොවැඩි හෝ විය යුතුය.
  • යන්ත්‍ර සූත්‍ර භාවිතා නොකළ යුතුය.

B වර්ගය - පහත සඳුහන් කොන්දේසි එකක් හෝ වැඩි ගණනක් ඇතුළත් විය යුතුය.

  • මිහි මිහිවිදමනේ ගැඹුර මීටර් 1.5 ට අඩු විය යුතුය.
  • එක් මසක නිෂ්පාදන ප්‍රමාණය ඝ.මී.100 ට නොවැඩි විය යුතුය.
  • යන්ත්‍ර සූත්‍ර භාවිත නො කළ යුතු ය.

ශිල්පීය කැණීම් බලපත්‍රයක් ඉල්ලුම් කරන්නේ කෙසේ ද?      
නව ශිල්පීය කැණීම් බලපත්‍රයක් සඳුහා අවශ්‍ය ලියවිලි.

  1. ඉල්ලුම් පත්‍රය.
  2. ඔප්පුවේ පිටපත.
  3. පිඹුරේ පිටපත(අනිවාර්ය නැත).
  4. ඉල්ලුම්කරු ඉඩම් හිමියා නෙවේනම් ඉඩම් හිමියාගෙන් ලබා ගත් දිවුරුම් ප්‍රකාශයක් හෝ බඳු ගිවිස්නාව ඉදිරිපත් කළ යුතුය.

කාර්මික කැණීමේ බලපත්‍ර
කාර්මික කැණීමේ බල පත්‍රයකින්, එහි සඳහන් වන ප්‍රදේශය තුළ සියලුම ඛනිජ වර්ග ගවේෂණය කිරීම, කැණීම් කිරීම, පිරිසැකසුම් කිරීම සහ වෙළඳාම් කිරීම සඳහා පූර්ණ අයිතිය ලැබේ. කාර්මික කැණීම් බලපත්‍ර වර්ග තුනක් තිබේ.      

A වර්ගය - (පහත සඳහන් බලපත්‍ර එකක් හෝ වැඩි ගණනක්):

  • පිපිරවීමේ ක්‍රමය - ප්‍රමාද කිරීමේ උපාය භාවිත කොට කෙරෙන බහු මිහිවිදමන.
  • මිහිවිදමනේ ගැඹුර - මීටර් 3.0 ට වැඩි.
  • නිෂ්පාදන පරිමාව - එක් මසක ට ඝ.මී.1500 ට වැඩි.
  • පාවිච්චි කළ යුතු යන්ත්‍ර සූත්‍ර - ට්‍රුක් ඩ්‍රිල්, ජැක් හැමර්, රොක් බ්‍රේකර්, ප්‍රන්ට් එන්ඩ් ලෝඩර්ස් සහ වෙනත් යන්ත්‍රෝපකරණ.

B වර්ගය - (පහත සඳහන් කොන්දේසිවලින් එකක් හෝ වැඩි ගණනක්)

  • පිපිරවීමේ ක්‍රමය - තනි මිහිවිදමන;
  • මිහිවිදමනේ වල ගැඹුර - මීටර් 1.5 ට නො අඩු සහ මීටර් 3.0 ට නොවැඩි;
  • නිෂ්පාදුන පරිමාව - එක් මසකට ඝ.මී.600 ට නො අඩු සහ ඝ.මී. 1500 ට නොවැඩි;
  • ජැක් හැමර් පමණක් පාවිච්චි කළ යුතුය.

C. වර්ගය - (පහත සඳහන් කොන්දේසිවලින් එකක් හෝ වැඩි ගණනක්)

  • පිපිරවීමේ ක්‍රමය - තනි ගුටි කා සිදුර;
  • මිහිවිදමනේ ගැඹුර # මීටර් 1.5 ට අඩු;
  • නිෂ්පාදුන පරිමාව - එක් මසකට ඝ.මී.600 ට අඩු විය යුතුය.
  • ජැක් හැමර් පමණක් පාවිච්චි කළ යුතුය.

නව කාර්මික කැණීම් බල පත්‍රයක් ඉල්ලන්නේ කෙසේ ද?
අවශ්‍ය ලියකියවිලි

  1. ඉල්ලුම් පත්‍රය.
  2. ඔප්පුවේ පිටපත.
  3. පිඹුරේ පිටපත.
  4. ඉල්ලුම්කරු ඉඩම් හිමියා නොවේ නම් ඉඩම් හිමියාගෙන් දිවුරුම් ප්‍රකාශයක් හෝ බඳු ගිවිස්නාව ඉදිරිපත් කළ යුතුය.
  5. ආර්ථික ජවයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ වර්තාව.

සංචිත ඛනිජ ද්‍රව්‍ය (RML)
සංචිත ඛනිජ ද්‍රව්‍ය ගවේෂණය, කැණීම, පිරිසැකසුම සහ වෙළඳාම් සඳුහා බලපත්‍ර අමාත්‍යවරයාගේ අනුමතිය ඇතිව නිකුත් කළ හැකිය.      

වෙළඳාම් කිරීමේ බලපත්‍රය (TDL)
බල පත්‍රයේ සඳහන් වන ඛනිජ ද්‍රව්‍ය මිලදී ගැනීම, ගබඩා කිරීම, පිරිසැකසුම් කිරීම, වෙළඳාම් කිරීම සහ අධ්‍යක්ෂගේ විශේෂ බලය පිට ඛනිජ ද්‍රව්‍ය අපනයනය කිරීම සඳුහා පූර්ණ නොවන අයිතිය මෙම බලපත්‍රයෙන් දිය යුතුය.

A වර්ගය - අපනයනය සඳහා ඛනිජ සම්පත් වෙළඳාම. 

B වර්ගය - ඛනිජ සම්පත් මෙරට වෙළඳාම. 

C වර්ගය - අතින් නිපදවන ගඩොල් සහ හුණු වෙළඳාම.

නව වෙළඳ බල පත්‍රයක් ඉල්ලුම් කරන්නේ කෙසේ ද ?
අවශ්‍ය ලියකියවිලි

  1. විධිමත් ව පිරවූ ඉල්ලුම් පත්‍රය.
  2. වැලිගොඩ ගසා තබන ඉඩමේ ඔප්පුව සහ පිඹුර.
  3. ඉල්ලුම්කරු ඉඩම් හිමියා නොවේ නම් ඉඩම් හිමියාගෙන් ලබා ගත් දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කළ යුතුය.
  4. කැණීම් බලපත්‍ර හිමියාගෙන් ලබා ගත් අඳාළ ලිපි ඉදිරිපත් කළ යුතුය.
  5. කැණීම් බල පත්‍රයේ පිටපත.

ප්‍රවාහන බල පත්‍රය
ඛනිජ ද්‍රව්‍ය සහිත වස්තු හෝ ඛනිජ සම්පත් ප්‍රවාහනය සඳහා බලපත්‍ර නිකුත් කළ යුතු අතර ඛනිජ ද්‍රව්‍ය ප්‍රමාණය සහ ප්‍රවාහනයට අඳාළ කාලය ද බලපත්‍රයේ සඳහන් කළ යුතු ය. සියලු ගවේෂණ, කැණීම් සහ වෙළඳාම් බලපත්‍ර සඳුහා ඛනිජ ද්‍රව්‍ය සහිත වස්තු හෝ ඛනිජ ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සඳහා ප්‍රවාහන බලපත්‍රයක් ද තිබිය යුතුය.

නව ප්‍රවාහන බලපත්‍රයක් ඉල්ලුම් කළ යුත්තේ කෙසේ ද?

  1. අවශ්‍ය ලියකියවිලි
  2. විධිමත් ව පිර වූ ඉල්ලුම් පත්‍රය.
  3. TPL කාඩ්පත.
  4. කැණීම් බලපත්‍ර හිමියාගේ කැමැත්ත ප්‍රකාශිත ලිපියක්.

ඛනිජ ද්‍රව්‍ය අපනයනය
සියලු ගවේෂණ, කැණීම් සහ වෙළඳාම් බලපත්‍ර තිබෙන කල්හි ඛනිජ ද්‍රව්‍ය අපනයනය සඳහා භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කැණීමේ කාර්යාංශයේ අධ්‍යක්ෂගේ විශේෂ බලය ලබා ගත යුතුය.

 

ප්‍රධාන මෙනුව