Geological Survey and Mines Bureau

ඔබ මෙතනයි : මුල් පිටුව

පතල් කැණීම

මේ වන විට පතල් කැණීම් අංශය ප්‍රාදේශීය කාර්යාල 12 ක් ද සහිතව ක්‍රියාත්මක වේ. විවිධ පතල් කැණීම් කටයුතුවල නියැලුණු පාරිභෝගිකයින් හට හොඳ සේවාවක් ලබා දීම පිණිස එම ප්‍රාදේශීය කාර්යාල පිහිටුවනු ලැබිණ. 1992 අංක 33 දරණ පතල් සහ ඛනිජ ද්‍රව්‍ය පනතට මෑතක දී සිදුකළ සංශෝධන හරහා නීති විරෝධී කැණීම් කටයුතු වලට එරෙහිව ක්‍රියා කිරීම සඳහා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය වෙත වඩා පුළුල් බලතල පැවරී තිබේ. කැණිම් අංශයේ ප්‍රධාන කාර්යයන් වන්නේ,

  • ස්ථාන පරීක්ෂා සිදු කිරීම
  • පරීක්ෂා පිපිරවීම් සිදු කිරීම
  • මහජන පැමිණිලි පිළිබඳව සොයා බැලීම සහ කැණීම්
  • වෙළඳාම්
  • ගවේශණ
  • ප්‍රවාහන

යන කටයුතු සඳහා අදාල බලපත්‍ර නිකුත් කිරීමයි.  නීති විරෝධී ක්‍රියාකාරකම් අවමයක් වන බවට මෙහිදී වග බලා ගනු ලැබේ.

අපගේ සේවාවන්

  • පතල් පරීක්ෂා පැවැත්වීම (ජංගම සේවා - බලපත්‍ර නිකුත් කිරිම, තාක්ෂණික උපදෙස් සැපයීම)
  • විශේෂඥ සේවා (පිපිරවීම් සිදු කිරීමේ තාක්ෂණ ක්‍රම, බලපත්‍ර අලුත් කිරීම, පතල් ආරක්ෂණ ක්‍රමවේද, පරීක්ෂා පිපිරවීම් සිදු කිරීම, පැළුම් - ඉරිතැලීම් යනාදිය සමීක්ෂණය කිරීම)
  • දැනුවත් කිරිමේ වැඩසටහන් (බලපත්‍ර හිමියන් සහ රජයේ නිලධාරීන් සඳහා දැනුවත් කිරීමේ වැඩසටහන්, පතල් කැණීම් ක්ෂේත්‍රයේ නියැලුණ මහජනයාහට වැඩමුළු අධ්‍යපනික ප්‍රදර්ශන)
  • පරිසර පුනරුත්ථාපන වැඩසටහන් (පරිසරය සුරැකීම සඳහා පතල්කරුවන් දිරිමත් කිරීම, පතල්කරුවන් විසින් සිදුකරනු ලබන පරිසර ආරක්ෂණ සහ පුනරෑත්ථාපන ක්‍රියාකාරකම් අධීක්ෂණය කිරීම.)

කාර්යාංශ දින පැවැත්වීම
අදාල ප්‍රදේශවල පතල්කරුවන් සඳහා සෑම මසකම 02 වන දින සහ 4 වන සතිවල බදාදා දිනයන්හි දී දිවයින පුරා දිස්ත්‍රික් ලේකම් කාර්යාල කිහිපයකදීම කාර්යාංනශ දින පවත්වනු ලැබේ. මෙහිදී නොයෙක් පතල් කැණීමේ ක්‍රියාකාරකම් සඳහා අදාල බලපත්රක අයඳුම්පත් ඉදිරිපත් කළහැකි අතර කළින් ඉදිරිපත් කර ඇති අයඳුම්පත් සඳහා අදාල බලපත්‍ර ද ලබා ගත හැකි වේ.

මෙම සේවාවන් සාමාන්ය්යෙන් සපයනු ලබන්නේ අපගේ ප්‍රාදේශීය කාර්යාලවල නිලධාරීන් විසිනි.

පාරිසරික නිශ්කාෂණ
ජාතික පරිසර පනත යටතේ ගැසට් කරනු ලබන සියළුම නිර්දේශිත පතල් කැණීම් සහ ඛණිජ උකහා ගැනීමේ ක්‍රියාකාරකම් සඳහා පාරිසරික නිශ්කාෂණ ලබාගත යුතු වේ. ඒ ඒ අවස්ථාවට අනුරුපව මේ සඳහා මූලික පරිසර පරීක්ෂණ වාර්තාවන් (IEER) හෝ පරිසර බලපෑම් ඇගයීම් වාර්තාවක් (EIAR) බාරදීම හරහා එම පාරිසරික නිශ්කාෂණ ලබා ගත හැක.

කාර්මික කැණීම් බලපත්රකය ‘A’ කාණ්ඩය (IML-A) යටතේ සිදු කෙරෙන සියළුම පතල් කැණීම් කටයුතු සඳහා පාරිසරික නිශ්කාෂණ ලබා ගැනීම අනිවාර්ය වේ.

 

ප්‍රධාන මෙනුව