හර විදුම් සිදු කිරීම සඳහා ශ්‍රී ලංකාවේ පුරෝගාමී ආයතනය වන්නේ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයයි. ඛනිජ ගවේශණ කටයුතු, පතල් කැණීම්, ජලාශ/වේලි/උමං මාර්ග/- සහ ගොඩනැගිලි අත්තිවාරම් යනාදිය සඳහා අන්වේශණ සිදුකිරීමේදි, ඒ සඳහා විශේෂඥ හර විදුම් සේවා අප ලබා දෙන්නෙමු. බ්රිනතාන්යම (BS) සහ අමෙරිකානු (ASTM) ප්‍රමිතීන්ට අනුකූලව අප විදුම් කටයුතු සිදු කරණ අතර පස් හා පාෂාණ හර වලින් 90% කට අධික ප්‍රතිශතයක් ලබාගැනීමට අපට හැකියාව ඇත.
විදුම් වර්ගය | කාණ්ඩය | අරමුණ | විදිනු ලබන උපරිම ගැඹුර |
අවගාර විදුම් | අත් අවගාර භාවිතයෙන් | ඛනිජ සමීක්ෂණ, අත්තිවාරම් පරීක්ෂණ යනාදිය සඳහා කැළඹුණු, බුරුල් පස් නියැදි ලබාගැනිම | 15m |
බලශක්ති අවගාර භාවිතයෙන් (ලඟදී ඇරඹීමට නියමිතයි) | විශේෂයෙන්ම උපරිභාරයේ සිදුකෙරෙණ ඛනිජ ගවේශන සඳහා කැළඹුණු බුරුල පස් නියැදි ලබා ගැනීම | 30m |
|
උපරිභාරය (පස) තුළ භ්‍රමක හර විදුම් | SPT පර්යේෂණ, සහ නොකැළඹුණු පස් නියැදි ලබා ගැනීම සඳහා | 50m | |
දියමන්ති හර විදුම් | HX, NX ,BX ප්‍රමාන | ඛනිජ ගවේෂණ සහ අත්තිවාරම් පරීක්ෂා සඳහා නොකැළඹුණු පාෂාණ ඉතා නිවැරදි ආකාරයෙන් ලබා ගැනීම | 100m 300m 500m |
අප විසින් විදින ලද ගැඹුර වැඩිම විදුම් සිදුර පුත්තලම දිස්ත්‍රික්කයේ ශල්ක පාෂාණ තුළ සිදු කරන ලද අතර මෙහි ගැඹුර මිටර් 450 ක් පමණ වේ. වර්තමානයේ මීට වඩා වැඩි ගැඹුරු වලටද විදුම් සිදු කිරීමට අපට හැකියාවක් ඇත.
අපගේ විදුම් ඉතිහාසයේ වැදගත් සිහිවටන සමහරක් පහත දක්වමු.
ඛනිජ ගවේශණය
යපස් හා තඹ ලොපස් (සේරුවිල), යපස්(පනිරෙන්ඩාව,විලගෙදර), හුණුගල්(අරුවක්කාලු), ඇපටයිට්(එප්පාවල), ශල්ක(ආඬිගම),තබ්බෝව,පල්ලම.
ඉංජිනේරු භූ විද්‍යාත්මක අන්වේකෂණ
මොරගහකන්ද, කුකුලේ ගඟ, සමණල වැව, ඉහල කොත්මලේ යන ව්‍යාපෘති වල වේලි, උමං මාර්ග සහ වාන් ඔය යනාදිය සඳහා
අත් අවගාර සිදු කිරීම
කොයොලින්, බෝල මැටි වැනි ඛනිජ සඳහා ගවේශණ සිදු කිරීම (දෙදියවල, මිටියාගොඩ, පිලියන්දල, සහ වෙනත් ස්ථාන)
|
|
![]() |