Geological Survey and Mines Bureau

ඔබ මෙතනයි : මුල් පිටුව සේවාවන් Geo සේවා ඛනිජ බුද්ධි ඒකකය

ඛනිජ බුද්ධි ඒකකය

‍මෙය භූ විද්‍යා  සහ කැනීම් ඉංජිනේරු ඒකකය මගින් ඛනිජ ආයෝජකයන් හ‍ට තොරතුරු ලබා ගැනීමේ සේවාවක් ලෙස ක්‍රියාකරණු ලැබේ. භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයෙහි ඛනිජ බුද්ධි ඒකකය මගින් අපනයනය ඛනිජයක් වන තිරුවාන(ධමනි), මිනිරන්, තලාතු මිනිරන්, ඛනිජ වැලි හා විසිතුරු පාෂාණ අපනයන ක්‍රමානුකූලව සිදුකරගැනීමට ගතයුතු ක්‍රියාමාර්ග සහ ඊට අදාලවන නිසි තොරතුරු සපයුනු ලැබේ. මෙම කටයුතු පහත ආකාරයෙන් සංක්ෂිප්තව දැකිවිය හැක.

  1. ඛනිජ ගවේශණය හා අපනයනය කිරීම වෙනුවෙන් පිලිපැදිය යුතු පිය‍වර පිලිබඳව නව කර්මාන්ත සිදුකිරීමට බලාපොරොත්තුවන ආයෝජකයන් දැනුවත් කිරීම සිදුකරනු ලැබේ.
  2. ඛනිජ ‍ගවේශණ සඳහා යෝජනාවලි සකස්කිරීමට අවශ්‍ය උපදෙස් (TOR) සහ එම යෝජනාවලි ඇගැයීම මෙමගින් සිදුකෙරේ.
  3. ඛනිජ අපනයන ක්‍රමවේදය පිළිබඳ ආයෝජකයන් දැනුවත් කිරීම, ව්‍යපෘති යෝජනා‍වලි සකස් කිරීමේදි අවශ්‍ය උපදෙස් (TOR) හා එම ව්‍යපෘති යොජනාවලි ඇගැයීම සිදුකෙරේ.
  4. ඛනිජ අපනයනයට අදාල ගිවිසුම් සකස් කිරීම හා අමාත්‍ය දැනුවත් කිරීම සිදුකරණු ලැබේ. එසේම ආයෝජකයින් විසින් සපයන ලද ඛනිජ ගවේශන හා අපනයන කර්මාන්ත ව්‍යපෘති යෝජනාවලි වල එහි ප්‍රකාර ප්‍රගතිය, භෞතික සමීක්ෂණය සිදුකොට ඒ පිළිබඳ අමාත්‍යාංශයෙහි අදාල නිළධාරීන් දැනුවත් කිරීමද මෙමගින් සිදුවන කාර්යයි.

අවසන් යාවත්කාලීන කිරීම ( 2019 මැයි 02 වෙනි බ්‍රහස්පතින්දා, 08:54 )  

ප්‍රධාන මෙනුව