Geological Survey and Mines Bureau

ඔබ මෙතනයි : මුල් පිටුව සේවාවන් Geo සේවා පාෂාණ විද්‍යාගාරය

පාෂාණ විද්‍යාගාරය

සේවාවන්
ඛනිජ විද්‍යාත්මක හා පාෂාණ විද්‍යාත්මක සේවාවන් ශ්‍රී ලංකාවට හඳුන්වා දෙමින් පුරා දශක පහකට අධික කාලයක් මුළුල්ලේ මේ පිළිබඳව පුරෝගාමි සේවාවක් ජාතියට සැපයිමට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ පාෂාණ විද්‍යාගාරය සමත්ව සිටී.

ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ක්‍රමවේදයන් උපයෝගි කරගෙන පාෂාණ, ලෝපස් වර්ග හා වෙනත් භෞමික ද්‍රව්‍ය වල ඛනිජ සංයුතියද, වයනයද ඉහල නිරවද්‍යතාවයකින් යුක්තව ලබාදෙන අතරම තරඟකාරී මිලගණන් මේ සඳහා අය කෙරේ.

ප්‍රධාන කාර්යයන්
පහත දැක්වෙන ක්ෂේත්‍ර සඳහා මූලික මට්ටමේ හා දියුණු මට්ටමේ ඛනිජ විද්‍යාත්මක හා පාෂාණ විද්‍යාත්මක සේවාවන් අපි ලබා දෙන්නෙමු.

  • භූ විද්‍යාත්මක සිතියම් කරණය / භූ විද්‍යාත්මක පර්යේෂණ / ඛනිජ ගවේෂණ කටයුතු.
  • ඛනිජ ආශ්‍රිත කර්මාන්ත ‍ක්ෂේත්‍රය සඳහා ඛනිජ අමුද්‍රව්‍ය / පරික්ෂා කිරීම.
  • සාමාන්‍ය මහජනයා සඳහා පාෂාණ හා ඛනිජ නියැදි හඳුනා ගැනිම, නාමකරණය හා ඇගැයිම.
  • විශ්ව විද්‍යාල සිසුන් සහ අදාළ රජයේ ආයතන වල නිලධාරින්හට විද්‍යාගාර පුහුණු වීම් ලබා දීම

භාවිතා කෙරෙන ක්‍රමවේද / උපකරණ

  • නවීන “ලොජිටෙක්” පාෂාණ කියත් සහ ඔප මට්ටම් කිරිමේ යන්ත්‍ර  භාවිතා කරමින් ඉහළ තත්ත්වයේ පාෂාණ තුනී පැතිකඩ සහ ඔප දැමූ පැතිකඩ සැකසීම.
  • “ඔලිම්පස්” පාෂාණ විද්‍යා අන්වික්ෂ ඇසුරෙන් එම තුනි පැතිකඩ විශ්ලේෂණය කොට එම ද්‍රව්‍යවල ඛනිජ සංයුතියද, වයනයද නිර්ණය කිරිම.
  • එම තුනී පැතිකඩ වල අන්වීක්ෂීය ඡායාරූප ලබා දීම.
  • වැලි, පාෂාණ, ලෝපස් වර්ග යනාදියේ අන්තර්ගත ඛනිජ, බර ද්‍රව්‍ය  භාවිතා කොට ‍වෙන් කිරීම. (ගුරුත්ව ක්‍රම).
  • “අයිසොඩයිනමික්” විද්යුපත් චුම්භක ඛනිජ වෙන්කිරීමේ යන්ත්රත භාවිතා කොට භෞමික ද්‍රව්‍ය ‍වල අන්තර්ගත ඛනිජ වර්ග වෙන් කිරීම.
  • බ්‍රිතන්‍ය ප්‍රමිතීන්ට අනුව වැලි, පස්, මැටි යනාදියේ අංශු විශාලත්ව ව්‍යපෘතිය නිර්ණය කිරීම. එසේ ලබාගන්නා දත්ත සංඛ්‍යාත වක්‍ර සහ සමුච්චිත වක්‍ර ආකාරයෙන් නිරූපනය කරණු ලැබේ.
  • ඛනිජ වල භෞතික හා ප්‍රකාශ ගුණ හාවිතා කොට ඒවා නිවැරදිව හඳුනාගැනීම.
  • කාබනේට පාෂාණ සහ මැටි වර්ග වල ඇති ඛනිජ, ආන්තර තාප විශ්ලේෂණ ක්‍රමවේදය (DTA) භාවිතාකොට හඳුනා ගැනීම.

අප‍ගේ සේවාවන් සුවිශේෂි වන්නේ ඇයි?
නිරවද්‍යතාවය : විශේෂඥ කාර්ය මණ්ඩලක් මඟින් නවීන උපකරණ හා ක්‍රමවේද භාවිතා කොට නිරවද්‍ය සහ විශ්වාසනීය වාර්තා ලබා දෙන්නෙමු.

කාර්යක්ෂමතාවය : හැකි කෙටිම කාලයක් තුළ හොඳ සේවාවක් ලබාදීම.

ලාභදායක බව : අපගේ සේවාවන් තරඟකාරී අඩු මුදලකට සපයන්නෙමු.

කීර්තිනාමය : පාෂාණ විද්‍යාත්මක සහ ඛනිජ විද්‍යාත්මක විශ්ලේෂණ ක්‍රම සඳහා, භූ විද්‍ය සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ පාෂාණ විද්‍යාගාරය යනු ශ්‍රී ලංකාව තුළ නම් දැරූ විද්‍යාගාරයක් වේ.

අවසන් යාවත්කාලීන කිරීම ( 2019 අප්‍රේල් 25 වෙනි බ්‍රහස්පතින්දා, 10:25 )  

ප්‍රධාන මෙනුව