සංවිධානයේ ආරම්භය ලංකා ඛනිජ සම්පත් සමීක්ෂණය 1930 දී ඛනිජ විද්‍යා දෙපාර්තමේන්තුව බවට පත් වී 1962 දී එය භූ විද්‍යා සමීක්ෂණ දෙපාර්තමේන්තුව යනුවෙන් යළි නම් කරන ලදී. 1993 මාර්තු 18 වැනි දින මෙම කාර්යාංශය 1992 අංක 33 දරන පතල් සහ ඛනිජ ද්‍රව්‍ය පනතින් පිහිටුවන ලදී. එමගින් භූ විද්‍යා සමීක්ෂණ කටයුතු සහ නව පතල් දෙපාර්තමේන්තුවේ වගකීම් ද ඒකාබද්ධ කරන ලදී. ඛනිජ සම්පත් සංවර්ධනය පිළිබඳ ප්රමුඛ ආයතනය වශයෙන් මෙම කාර්යාංශය පිහිටුවීම නිසා ඛනිජ සම්පත් ආශ්රිත කර්මාන්ත ප්‍රවර්ධනය කිරීම රජයේ ඇපකැප විම එයින් පැහැදිලි වේ. ඛනිජ ද්‍රව්‍ය, මිල අධික ආනයන වෙනුවට ආදේශක සැපයීමෙන් ද, ගොඩනැගිලි හා ඉදිකිරීම් කර්මාන්තය ට අවශ්‍යය භාණ්ඩ වශයෙන් සැපයීමෙන් ද අපනයන කර්මාන්තය සඳහා අමුද්‍රව්‍ය වශයෙන් සැපයීමෙන් ද රුකියා අවස්ථා ජනනය කරන අතර රටට ආදායමක් ද උපයා දෙයි. ජාතික භූ විද්‍යා දත්ත පාදක පවත්වා ගෙන යාමේ සහ මේ තොරතුරු මහජනතාවට ලබා දීමේ වගකීම ද මෙම කාර්යාංශය ඉටු කරයි. |
![]() |
![]() |
ආචාර්ය ආනන්ද කුමාරස්වාමි |
කාර්යාංශයේ සංවිධානය
මෙම කාර්යාංශයට මූලික මෙහෙයුම් කටයුතු හතරක් තිබේ. භූ විද්‍යාත්මක සිතියම් සකස් කිරීම සහ ඛනිජ සම්පත් ගවේෂණය (ප්රමුඛ කාර්ය), පතල් කැණීමේ හිමිකම් සහ පතල් කැණීම් පිළිබඳු රෙගුලාසි, සේවාලාභීන්ට හිතකර කටයුතු (ඛනිජ සම්පත් සමීක්ෂණ, රසායනාගාර සේවා, භූ භෞතික සහ මිහිවිදුමන් කොන්ත්‍රාත්තු), සහ භූ විද්‍යා තොරතුරු (පළ වූ සහ පළ නොවූ වාර්තා සිතියම් සහ වෙනත් අභිලේඛන සිය පුස්තකාලයේ තබා ගැනීමත් ය.)