Geological Survey and Mines Bureau

ඔබ මෙතනයි : මුල් පිටුව සේවාවන් Geo සේවා සිතියම් විද්‍යා ඒකකය

සිතියම් විද්‍යා ඒකකය

සිතියම් විද්‍යා ඒකකය කාර්යාංශයේ එක් ප‍්‍රමුඛ අංශයකි.  භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සිට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය දක්වා 1993 දී සිදුවූ පරිවර්තනයේදී සිතියම් විද්‍යා ඒකකය, භූ විද්‍යාත්මක සිතියම් නිර්මාණය කිරීම සඳහා අළුත් උපකරණ මගින් සන්නද්ධ කරන ලදි.  1994 දී බි‍්‍රතාන්‍ය භූ විද්‍යා ආයතනයේ මූලිකත්වයෙන් කාර්යාංශය තුල සිදුකරන ලද 1:100,000 පරිමානීය සිතියම් ගතකිරීමේ වැඩ සටහන, එහි දෙවන අදියර දක්වා 1999 දී ඕස්ටේ‍්‍රලියානු මූල්‍ය හා තාක්ෂණික ආධාර (AusAID) යටතේ වර්ධනය කරන ලදි.  මේ වන විට කාර්යාංශය තුල භූ විද්‍යා ආශි‍්‍රත අනෙකුත් සියළුම සිතියම් නිර්මාණය කෙරෙන්නේ කාර්යාංශයේම විශේෂඥයන්ගේ දැනුම සහ අධීක්ෂණය යටතේය.

තාක්ෂණයේ දියුණුවත් සමගම ඊට සරිලන පරිද්දෙන් සිතියම් විද්‍යා ඒකකය පහත සඳහන් මෘදුකාංග, දෘඩාංග මෙන්ම පුහුණු කාර්ය මණ්ඩලයකින්ද පරිපූර්ණ කර ආයතනයේ අභිවෘද්ධියට කටයුතු කරමින් සිටී.

පවතින GIS මෘදුකාංග

  • Arc GIS - ver9.2
  • Microstation –V8XM Edition
  • Arcview –Version 3.2
  • MapInfo- Professional 5.5

උපකරණ

  • Calcomp Drawing board vi digitizers
  • HP Designjet 4500 scanner
  • HP Design jet Plotter (A0)
  • Lexmark C935 Colour Printer (A3)
අවසන් යාවත්කාලීන කිරීම ( 2019 අප්‍රේල් 03 වෙනි බදාදා, 05:52 )  

ප්‍රධාන මෙනුව