Geological Survey and Mines Bureau

ඔබ මෙතනයි : මුල් පිටුව සේවාවන් Geo සේවා භූ භෞතික විද්‍යා විද්‍යාගාරය

භූ භෞතික විද්‍යා විද්‍යාගාරය

භූ භෞතික විද්‍යා සමීක්ෂණ සිදු කිරීම සඳහා අවශ්‍ය විද්‍යුත් ප‍්‍රතිරෝධකතා මාන, ප‍්‍රතිරෝධකතා ප‍්‍රතිබිම්බ උපකරණ, චුම්බකමාන, විද්‍යුත් චුම්බක මාන, භූමිය විනිවිද යන රේඩාර් (GPR) සහ ආන්තර් ගෝලීය ස්ථානගත කිරීමේ පද්ධති (DGPS) ද කාර්යාංශයේ භූ භෞතික විද්‍යා විද්‍යාගාරය සතුව පවතී. ඛනිජ ගවේෂණ ව්‍යාපෘති, භූ විද්‍යාත්මක සිතියම්ගත කිරීම් සහ ඉංජිනේරු භූ විද්‍යාත්මක අන්වේෂණ යනාදිය සඳහා මේ ආම්පන්න භාවිතයට ගැනේ. විද්‍යාගාරය වඩා තත්ත්වයෙන් උසස් කිරීමේ කටයුතු සිදුවෙමින් පවතින අතර එහි එක් අංගයක් වශයෙන් වර්තන භූ කම්පන රේඛයක්ද, වෙනත් අදාළ ආම්පන්නද විද්‍යාගාරය වෙත අළුතෙන් ලබාගැනීමට අවශ්‍ය කටයුතු සිදු කෙරෙමින් පවතී.

මෑතතකදී සිදු කරන ලද ප‍්‍රධාන භූ භෞතික විද්‍යා සමීක්ෂණ අතර වැල්ලවායේ රන්දෙණියේ ධමනි තිරුවානා නිධිය සඳහාද, පුත්තලම අසල අරුවක්කාලුවේ අවසාදිත හුණුගල් නිධි සඳහාද, සිදු කල විද්‍යුත් ප‍්‍රතිරෝධකතා සමීක්ෂණ ප‍්‍රධාන ස්ථානයක් ගනී. තවද, විදේශ්‍රීය තාක්ෂණික සහාය සහිතව, ඉහළ විභේදනයක් ඇති ගුවන්ගත චුම්භකමාන සහ ගුවන් ගත ගැමා කිරණ වර්ණාවලිමාන සමීක්ෂණ, දීප ව්‍යාප්ත ලෙස සිදු කිරීමට සැළසුම් කර ඇත. රටේ භූ විද්‍යාත්මක පසුබිම පිළිබඳවද, සැඟවුණු ඛණිජ සම්පත් පිළිබඳව මෙතෙක් අනාවරණය නොවූ වැදගත් තොරතුරු සමුදායක් මෙවැනි සමායෝජිත ගුවන්ගත භූ භෞතික විද්‍යා සමීක්ෂණ මගින් ලැබෙන බවට විශ්වාසය පළ කල හැක. ප‍්‍රතිරෝධකතා ප‍්‍රතිබිම්බ උපකරණ සහ භූමිය විනිවිද යන රේඩාර් ආම්පන්න යනාදිය මෑතකදී විද්‍යාගාරයට ලබාගත් බැවින් විද්‍යාගාරය වඩාත් ශක්තිමත් විය. මේ ආර්පන්න භාවිතා කොට පුරා විද්‍යාත්මක ස්ථාන ගවේෂණය කිරීම වැනි කටයුතු සඳහා භූ භෞතික විද්‍යා ක‍්‍රමවේද වල අදාලත්වයද පරික්ෂාවට භාජනය වෙමින් පවතී.

අවසන් යාවත්කාලීන කිරීම ( 2019 අප්‍රේල් 03 වෙනි බදාදා, 05:56 )  

ප්‍රධාන මෙනුව